පිස්ටෝරියස් නඩු තීන්දුවට එරෙහිව අභියාචනාවක්

Image copyright BBC World Service

සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කෑම්ප් සාපරාධී ලෙස ඝාතනය කරනු ලැබීම සම්බන්ධයෙන් මළල ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්ට එරෙහිව දී ඇති නඩු තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට දකුණු අප්‍රිකානු අධිකරණයක් නීති පති දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත.

මේ අනුව දකුණු අප්‍රිකානු නීතිපති දෙපාර්තමේන්තුව ඔස්කාර් පිස්ටෝරියස් මිනී මැරීමේ චෝදනාවට වරදකරු කිරීමට යළි කරුණු දක්වන අතර එම නඩු විභාගයේ දී වැරදිකරු කෙරුනොත් ඔහු වසර පහළොවකට සිර දඬුවමකට යටත් කළ හැකි වෙයි.

නඩු විභාගය

දකුණු අප්‍රිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ලබන වසර මුලදී නව නඩු විභාගය ආරම්භ කෙරෙනු ඇත.

මළල ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්ට ඉකුත් ඔක්තෝබර් මාසයේ වසර පහක සිර දඬුවමක් නියම කෙරුණ අතර නීතිපති දෙපාර්තමේන්තුව ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලා සිටියත් විනිසුරුවරයා විසින් එය බැහැර ලනු ලැබුණි.

දකුණු අප්‍රිකානු නීති නිලධාරීන් බීබීසියට පැවසුවේ, තම ඉල්ලීම් වලින් සැලකිය යුතු කොටසක් ඉටු වී ඇති හෙයින් තමන් නව තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත් වන බවයි

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර