ඇෆ්ඝනිස්තානයේ යළිත් ප්‍රහාර රැල්ලක්

කාබුල් අගනුවර සොල්දාදුවන් ප්‍රවාහනය කෙරෙමින් තිබුන බස් රථයක් මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ඉලක්ක විය.

යටත් පිරිසෙයින් හත් දෙනකුවත් මරණයට පත් වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර ඇෆ්ඝන් ශ්‍රේෂ්ඨාධිකරණ ලේකම් කාර්යාලයේ ප්‍රධානී අටිකුල්ලා රවුෆි (Atiqullah Rawoofi මරා දමා ඇති බවත් වාර්තා වෙයි.

ඔහු නිවසින් පිට වෙද්දීයි මරා දමන ලැබ තිබෙන්නේ.

ඝාතනයේ වගකීම තාලිබාන් ව්‍යාපාරය විසින් භාර ගනු ලැබ ඇත.

මේ අතර හෙල්මන් ප්‍රාන්තයේ ද ප්‍රහාරයක් එල්ල කොට ඇති අතර ඒ සම්බන්ධයෙනුත් තාලිබාන් ව්‍යාපාරයට චෝදනා කෙරෙයි.

හෙල්මන් ප්‍රාන්තයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත වෙමින් සිටි දොළොස් දෙනකු එම ප්‍රහාරයේ දී වෙඩි තබා මරා දමනු ලැබ ඇත.

කාබුල් අගනුවර ආසන්නයේ පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර කඳවුර ආසන්නයේ දී එල්ල වූ ප්‍රහාරයකින් සිය සොල්දාදුවන් දෙදෙනකු මරා දමා ඇති බව නේටෝ යුද හවුල පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර