නව ගිවිසුමකට එකඟවෙමින් කාලගුණ රැස්වීම නිමාවට

Image copyright Reuters

කාලගුණික විපර්යාස පිළිබඳව නව ගිවිසුමක් කෙටුම් පතක් කිරීම සඳහා එකඟතාවකට එමින් එක්සත් ජාතීන්ගේ කාලගුණ සම්මන්ත්‍රණය නිමාවට පත් විය.

ගෝලීය උණුසුම කෙරෙහි බලපාන සාධක පාලනය කර ගැනීම සඳහා දිළිඳු රටවලට වැඩි පුර මූල්‍ය ආධාර ලබා දීමට මෙහිදී එකඟ වී තිබේ.

නමුත් ඉක්මනින් ගත යුතුව තිබූ තීරණ බොහොමයක් ලබන වසර දක්වා කල් තබා ඇති අතර පරිසර ක්‍රියාධරයන් කියා සිටින්නේ ඉහත කී කෙටුම්පත නිෂ්ඵල බවයි.

එක්සත් ජාතීන්ගේ කාලගුණ සම්මන්ත්‍රණය මෙවර පැවැත්වුණේ පේරු රජ්‍යයේයි.

හරිතාගාර වායු පරිසරයට මුදා හැරීම නවතාලීමේ දී දැරීමට සිදු වන වියදම් බෙදී යාම පිළිබඳව දිළිඳු සහ ධනවත් රටවල් දෙකට බෙදී ඇති හෙයින් අවසන් තීරණයකට එළැඹීම දුෂ්කර කාර්යයක් වී තිබේ.

Image copyright AP

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර