රුසියාවේ සමලිංගික විරෝධී ප්‍රහාරවල වර්ධනයක්

Image copyright AFP

සමලිංගිකත්වයට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා රුසියාව තුළ වර්ධනය වී ඇති බව ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සිට ක්‍රියාත්මක වන හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පවසයි.

තරුණ පරපුර අතර සමලිංගිකත්වය ප්‍රවර්ධනය කෙරෙන ප්‍රචාරක කටයුතු පසු ගිය වසරේ සිට රුසියාව තුළ තහනම් කිරීමෙන් අනතුරුව සමලිංගිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වී ඇති බවයි එම සංවිධානය සඳහන් කළේ.

සමලිංගිකත්වයට එරෙහිව පැන වූ නීති, හිංසා කිරීම් සඳහා අනුබල ලබා දෙන අතර ඒ හරහා සමලිංගිකයන් දෙවන පෙළ පුරවැසියන් බවට පත් කර ඇති බවත් හියුමන් රයිට්ස් වොච් වාර්තාවේ සඳහන්.

ඉහත කී නීති හරහා සාම්ප්‍රදායික වටිනාකමක් ලබා දෙන රුසියානු සාරධර්ම රැක ගත හැකි බවට ඇතැම් පිරිස් තර්ක කරති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර