රුසියානු මුදල වාර්තාගත ලෙස කඩා වැටෙයි

Image copyright EPA

රුසියානු රූබලයේ අගය දෙවැනි දිනටත් ඩොලරයට සාපේක්ෂව සියයට දහයකින් පහළ වැටී තිබේ.

රුසියානු මහ බැංකුව සිය පොලී අනුපාතය ඉතා ඉහල මට්ටමකට ගත් නමුත් රූබලයේ අගය ස්ථාවර කර ගැනීමට හැකි වී නොමැත.

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළ යෑම රුසියාවේ ආර්ථිකයට දරුණු ලෙස බලපා තිබේ.

යුක්‍රේනය පිළිබඳ මොස්කව් පාලනය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත මුල් කර ගනිමින් බටහිර රටවල් වෙළඳ සම්බාධක පැනවීමත් සමග රුසියානු ආර්ථිකය කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටී ඇති බව විශ්ලේෂකයෝ පවසති.