ස්ථූලභාවයට විකලාංග පනතින් රැකවරණය

Image copyright PA

ස්ථූලභාවය ඇතැම් අවස්ථා වල දී විකලාංග භාවය ලෙස වර්ග කළ හැකි බව යුරෝපා අධිකරණය තීරණය කරයි.

යුරෝපා අධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටින්නේ පුද්ගලයෙකු අධික බරින් යුක්ත වූ පමණින් විකලාංග භාවය ඇති අයෙකු ලෙස නොසලකන බවයි.

නමුත් ඔහු ශරීරයේ අධික බර නිසා දීර්ඝ කාලීන ව පීඩාවට පත් වී ඇති නම් විකලාංග පනතින් ඔවුන්ට නීතියේ රැකවරණය ලැබෙන බවයි විනිසුරුවරයන් පවසන්නේ.

ඩෙන්මාර්ක් ජාතිකයකු විසින් යුරෝපා අධිකරණයට යොමු කරන ලද නඩුවක් විභාගයට ගැනීමෙන් පසුවයි ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන්නේ.

දරුවන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක සේවය කළ එම ඩෙන්මාර්ක් ජාතිකයා ස්ථූලභාවය මත සිය රැකියාවෙන් ඉවත් කර ඇත.

අධිකරණයට කරුණු පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ තමන් සිරුරේ අධික බර සැලකිල්ලට ගනිමින් අසාධාරණ ලෙස රැකියාවෙන් ඉවත් කර ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර