හමුදා නිලධාරීන්ගේ දරුවන් පැහැරගැනීමේ තාලිබාන් සැලසුමක්

Image copyright epa
Image caption සිර කඳවුරු වලට හමුදා ආරක්ෂාව යොදා ඇති බවයි පැවසෙන්නේ

පකිස්තානයේ පාසලක් තුළ සිදුවූ සමූහ මිනිස් ඝාතනයෙන් පසු තවත් එවැනි ප්‍රහාරයන් සිදුවීම වැලක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පකිස්තාන රජය පවසයි.

චෝදනා ලැබූ තවත් තාලිබාන් සටන්කාමීන් දෙදෙනෙකුට මරණීය දණ්ඩනය පැමිණ වීමෙන් පසුවයි රජය විසින් මෙසේ ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ.

සිර කඳවුරු තුළ සිටින තාලිබාන් සහ අනෙකුත් අන්තවාදී කණ්ඩායම් තමන්ගේ සාමාජිකයන් මුදවා ගැනීම පිණිස සිර ගෙවල් තුළට කඩා වැදීමේ අවදානමක් පවතින හෙයින් සිර කඳවුරු වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදාව යොදවා ඇති බවයි පැවසෙන්නේ.

නිලධාරීන් පවසන්නේ හමුදා නිලධාරීන්ගේ දරුවන් පැහැර ගෙන ගොස් සිරගත වී සිටින තම සාමාජිකයන් වෙනුවට හුවමාරු කිරීමේ තාලිබාන් සැලසුමක් ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර