ඉන්දීයාවේ බෝම්බ ප්‍රහාරයකින් තිදෙනෙක් මරුට

Image copyright Getty

උතුරු ඉන්දියාවේ ප්‍රධාන බස් නැවතුම්පොළක් අසල මාර්ගයක පුපුරා ගිය බෝම්බයකට හසුව තිදෙනෙක් මරුමුවට පත් වී ඇති අතර තවත් සිව් දෙනෙක් තුවාල ලබති.

මෙම ප්‍රහාරය මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාල් ප්‍රධාන නගරය තුළ සතියක් ඇතුළත සිදු වූ දෙවන ප්‍රහාරයයි.

ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවෙකුත් භාර ගෙන නොමැති නමුත් දශක ගණනක් පුරා මෙම කලාපය කැරලිකරුවන්ගේ ප්‍රහාරවලට ලක් වේ.

කලාපයේ සිටින ගෝත්‍රික කණ්ඩායම් සහ කුඩා බෙදුම්වාදී සටන් කණ්ඩායම් දිල්ලි පරිපාලනයෙන් සිය නිදහස සහ ස්වාධීනත්වය ඉල්ලා සිටිති.

ඉන්දීය දේශපාලනඥයන් විසින් සිය කලාපය නොසලකා හැර ලැබ ඇති බවට කැරලි කණ්ඩායම් චෝදනා කරති.