දෙවියන්ගේ පිහිට නැති පදිකයන් පිරිසක්

Image copyright AFP

‘දෙවියන් ශ්‍රේෂ්ඨයි’ යන අරුත ඇති ‘අල්ලාහු අක්බර්’ ඉස්ලාමීය ආගමික පාඨය හඬ නගමින් පුද්ගලයෙක් ප්‍රංශයේ ඩිජෝන් නුවර පදිකයන් මතට රිය පදවයි.

ඉහත කී පුද්ගලයා තම රිය නගරයේ වීදි කිහිපයකදී නොනවත්වා පදිකයන් මතට පැදවීම හේතුවෙන් එකොළොස් දෙනක් තුවාල ලැබූ අතර දෙදෙනෙක් බරපතළ තත්වයේ පසු වෙති.

මෙම පුද්ගලයාට එරෙහිව මීට පෙරද අපරාධ චෝදනා එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.

පොලිස් ආරංචි මාර්ග ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත්තේ ඔහු මීට පෙර මානසික පරීක්ෂාවක් සඳහා යොමු කරන ලද අයකු බවයි.

‘අල්ලාහු අක්බර්’ ඉස්ලාමීය ආගමික පාඨය හඬ නගමින් තවත් පුද්ගලයෙක් පසුගිය සෙනසුරාදා ප්‍රංශයේ ‘ටුවර්ස්’ ප්‍රදේශයේ පොලිස් ස්ථානයකට කඩා වැදී එහි සිටි නිලධාරීන් තිදෙනෙකුට පහර දී ඇති අතර පොලිස් වෙඩි පහරින් ඔහු මරණයට පත් වී තිබේ.