මැලේසියාවේ ගංවතුර, අගමැති ගොල්ෆ් පිටියේ

Image copyright AFP
Image caption මේ අතර ඉදිරි පැය කිහිපය තුළ තවදුරටත් තද වැසි ඇද හැළෙන බවටයි අනතුරු අඟවා ඇත්තේ

මැලේසියා වේ අගමැති නජිබ් රසාක් තම ඇමරිකා සංචාරය අත්හැර දැමීමට තීරණය කොට තිබේ.

දශක ගණනාවකින් පසු මැලේසියාවට බලපෑ දරුණුතම ගංවතුර තර්ජනයේ දී අගමැතිවරයා කටයුතුකළ අකාරය පිලිබඳ දැඩි විවේචන එල්ල වීම හේතුවෙනුයි ඔහු මෙසේ තම ඇමරිකානු සංචාරය අත්හැරදමා ඇත්තේ.

සීග්‍රයෙන් ඉහළ නගින ගංවතුර ජල මට්ටම විසින් පස් දෙනෙකුගේ ජීවිත අහිමි කර ඇති අතර ඊසාන දිග මැලේසියාවේ පළාත් පහක ලක්ෂයකට අධික ජනතාව තම නිවෙස් අතහැර දමා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

අගමැති නජිබ් විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර නැති අතර ඔහු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සමග හවායි හි දී ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙන ආකාරය සමාජ වෙබ් අඩවි තුළින් ප්‍රකාශයට පත් වී තිබුණු බවයි පැවසෙන්නේ.

මේ අතරඉදිරි පැයය කිහිපය තුළ රටේ දකුණු ප්‍රදේශයට තවදුරටත් තද වැසි ඇද හැළෙන බවටයි අනතුරු අඟවා ඇත්තේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර