දිල්ලියේ ගැට කපන්නියෝ

මේ වසර ඇතුළත ඉන්දියාවේ දිල්ලි නුවර උමං දුම්රිය තුළ දී අල්ලා ගත් ගැට කපන්නන්ගෙන් අති බහුතරය කාන්තාවන් බව ඉන්දීය පොලිසිය පවසයි.

පසුගිය ජනවාරියේ සිට නොවැම්බරය දක්වා ‘ගැට කපන්නියන්’ ලෙස කාන්තාවන් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් අල්ලා ගෙන ඇති නමුත් ‘ගැට කපන්නන්’ ලෙස අල්ලා ගෙන ඇත්තේ පිරිමින් විසි දෙදෙනෙක් පමණයි.

Image caption ඉන්දියාවේ දිල්ලි නුවර උමං දුම්රිය

ඔවුන් සියලු දෙනා ළඟ තිබී සොයා ගෙන ඇති මුදල්වල වටිනාකම ඩොලර් මිලියන හතර හමාරකට ආසන්න වන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ස්වර්‍ණාභරණ රාශියක් සහ සිය ගණනක් වූ ලැප්ටොප් පරිගණක, කැමරා, අත් ඔරලෝසු සහ ජංගම දුරකථන තොගයක් රාජසන්තක කර තිබේ.

පසුගිය වසරේදී ද දිල්ලි නුවර උමං දුම්රිය තුළ දී ගැට කපන්නියන් හාරසීයකට අධික පිරිසක් අල්ලා ගෙන ඇති නමුත් ගැට කපන්නන් ලෙස හසු වී ඇත්තේ හතළිස් පස් දෙනෙකු පමණයි.

Image caption දිල්ලි නුවර උමං දුම්රිය

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර