අතුරුදහන් වූ යානය 'මුහුදු පතුලේ විය හැකියි'

Image copyright Getty

අතුරුදහන් වූ ඉන්දුනීසියානු ගුවන් යානය බොහෝ විට මුහුදු පතුලේ විය හැකි බව ඉන්දුනීසියානු සෝදිසි මෙහෙයුම් බලධාරීහු පවසති.

පාලක මැදිරිය සමඟ ගුවන් යානයේ සබඳතා ගිලිහී ගිය මොහොතේ යානයේ පිහිටීම පදනම් කර ගනිමින් ඉහත කී උපකල්පනයට පැමිණ තිබේ.

මුහුදු පතුල ගවේෂණය කිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික පහසුකම් තමන් සතුව නොමැති බවත් වෙනත් රටවලින් සහාය පැතීමට අදහස් කරන බවත් ඉන්දුනීසියානු බලධාරීහු පවසති.

සෝදිසි මෙහෙයුම් සඳහා මේ වන විට ඉන්දුනීසියානු ගුවන් යානා අටක් සහ රටවල් කිහිපයක නෞකා යොදවා තිබේ.

Image copyright Getty
Image caption යානයේ සිටි මගීන්ගේ ඥාතීන්

මගීන් එකසිය හැට දෙදෙනෙකු සමඟ ඉරිදා අතුරුදහන් වූ QZ8501 ඉන්දුනීසියානු ගුවන් යානය සොයා තවමත් සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන නමුත් මේ වන තෙක් කිසිදු හෝඩුවාවක් හෝ සලකුණක් ලැබී නැත.

එයාර් බස් A320-200 වර්ගයේ යානය අතුරුදහන් වූයේ ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබියදී යි.

Image caption අතුරුදහන් වූ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා
Image copyright EPA

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර