එයාර් ඒෂියා යානයේ විශාල කැබලි දෙකක් හමුවෙයි

Image copyright EPA
Image caption සෝදිසි මෙහෙයුම් කණ්ඩායම බලාපොරොත්තු වන ඉලක්කයට ලඟා වෙමින් සිටින බවයි පැවසෙන්නේ

ජාවා මුහුදට කඩා වැටුණු බවට සැලකෙන එයාර් ඒෂියා ගුවන් යානයේ යැයි සිතියක හැකි ඉතා විශාල කැබලි දෙකක් සොයා ගත් බව ඉන්දුනීසියානු පරීක්ෂණ මෙහෙයුම් කණ්ඩායම විශ්වාස කරයි.

ඉන්දුනීසියානු හදිසි ආපදා කටයුතු අමාත්‍යංශය පැවසුවේ දළ වශයෙන් මීටර 10ක දිගින් සහ මීටර 5 ක පළලින් යුතු කැබලි දෙකක් මුහුදු පතුලේ ඇති බවට සාක්ෂි ලැබුණේ සිකුරාදා සාගරය මතුපිට තෙල් ඇති බවට වාර්තා වූ ප්‍රදේශයේ ම බවයි.

සෝදිසි මෙහෙයුම් කණ්ඩායම බලාපොරොත්තු වන ඉලක්කයට ලඟා වී ඇති අකාරයක් පෙනෙන බවයි බී බී සී වාර්තාකරු පවසන්නේ.

පසුගිය ඉරිදා මගීන් එක සිය හැට දෙදෙනෙකු ද සමග එයාර් ඒෂියා ගුවන් යානය අතුරු දහන් වූ අතර අවම වශයෙන් මළ සිරුරු තිහක් මේ වන විට සොයා ගෙන තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර