බංග්ලාදේශ් විපක්ෂයට මාධ්‍ය තහනම්

Image copyright AP
Image caption විරුද්ධ පක්ෂ නායිකා ඛලිදා ෂියා ඉකුත් 5 වැනිදා කළු කොඩියක් අතැතිව ඇගේ පක්ෂ කාර්යාලයේ

බංග්ලාදේශයේ විරුද්ධ පක්ෂ නායිකා ඛලිදා ෂියා ගේ වැඩිමහල් පුත් සහ ඇගේ පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන තරීක් රහ්මාන් (Tarique Rahman ) විසින් පවත්වන දේශන සහ අදහස් දැක්වීම් කිසිවක් වාර්තා නොකරන ලෙසට බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජන මාධ්‍ය වෙත තහනමක් පනවා තිබේ.

දැනට ලන්ඩනයේ ජීවත්වන රහ්මාන් දුෂණ චෝදනා හේතුවෙන් තම රටට යාමට නොහැකිව සරණාගත භාවය ලබා සිටින්නෙක්.

මෙම තහනම, පුවත් පත්, ගුවන් විදුලි නාලිකා, රුපවාහිනී නාලිකා සහ සමාජ වෙබ් අඩවි ඇතුළු සියලු මාධ්‍ය ආවරණය වනසේ පනවා ඇත.

මෙම තහනම පනවා ඇත්තේ ඛලිදා ෂියා විසින් රජයට විරෝධතාවය පළකිරීමක් වශයෙන් ප්‍රවාහන සේවාවන් අඩාල කරන ලෙස තම ආධාර කරුවන්ගෙන් ඉල්ලා සිටීමෙන් පසුවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර