රුබෙල් හුසේන්ට දුෂණ චෝදනා

Image copyright AFP
Image caption බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක රුබෙල් හුසේන්

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක රුබෙල් හුසේන් අද බ්‍රහස්පතින්දා දුෂණ චෝදනා මත බන්ධනාගාර ගත කොට තිබේ.

ක්‍රිකට් ක්‍රීඩක රුබෙල් බන්ධනාගාර ගත කොට තිබෙන්නේ සිය පෙම්වතිය සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ අරමුණෙන් ඇය විවාහ කර ගන්නා බවට ව්‍යාජ පොරොන්දු දීම සහ දූෂණ චෝදනා මුල් කරගෙනයි.

පැමිණිල්ල විභාග කළ ඩකා අගනුවර මහේස්ත්‍රාත්වරයා රුබෙල් හුසේන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ඊළඟ නඩු විභාගය තෙක් ඔහු බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

බංග්ලාදේශ නීතිය යටතේ ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ අරමුණෙන් විවාහ කර ගන්නා බවට ව්‍යාජ පොරොන්දු දීම දඬුවම් ලැබිය හැකි වරදකි.

රුබෙල් හුසේන් තමන්ට ව්‍යාජ පොරොන්දු දෙමින් දූෂණය කළ බවට චෝදනා කරමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ රුබෙල් සමග මීට පෙර ප්‍රේම සම්බන්ධතාවක් පැවතී නස්නීන් අක්තාර් හැපී විසිනි.

ලෝක කුසලානයෙන් ඉවතට

Image copyright Naznin Akter Happy
Image caption නස්නීන් අක්තාර් හැපී

බංග්ලාදේශ සිනමාවේ ජනප්‍රිය නිළියක් වන ඇය මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රුබෙල් හුසේන් තමා විවාහ කර ගැනීමට එකඟ වන්නේ නම් පැමිණිල්ල ඉවත් කර ගැනීමට කටයුතු කරන බවත් එසේ නොමැතිව දුන් පොරොන්දු කඩ කළොත් ඒ වෙනුවෙන් ඔහු දඬුවම් ලැබිය යුතු බවයි.

රුබෙල් හුසේන් ලෝක කුසලානය වෙනුවෙන් තරඟ වැදීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට නම් කර ඇති ක්‍රීඩකයෙකි.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසාන් කියා සිටියේ මෙම නඩු විභාගයෙන් ඔහු වැරදි කරු බවට පත් වුවොත් ලෝක කුසලානය වෙනුවෙන් තරඟ වැදීමට සුදානම් කණ්ඩායමෙන් ඔහු ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර