ප්‍රංශ පොලිසිය මහා මෙහෙයුමක

Image copyright Getty

පසුගිය දා දින තුනක් ඇතුළත පැරිස් නගරයේ දී පුද්ගලයන් දාහත් දෙනෙකු ඝාතනය කළ තුවක්කු කරුවන්ට හවුල් වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුමක් ප්‍රංශ පොලිසිය විසින් ආරම්භ කරනු ලැබ ඇත.

ඉහත කී ඝාතන වලට සහාය දුන් පුද්ගලයන් අතර අතර ප්‍රහාරක තුවක්කු කරුවකුගේ සහකාරිය වන හයත් බෞමෙදීන් (Hayat Boumeddiene) සහ සිකුරාදා පැරිසියේ යුදෙව් වෙළඳපළක දී ඇති වූ ගැටුමක දී පොලීසිය විසින් මරා දැමුණු අමේදී කෞලිබලි (Amedy Coulibaly) වූ බවයි වාර්තා වන්නේ..

කෞලිබලි විසින් පැරිසියේ පොලිස් කාන්තාවක් ඝාතනය කරණු ලබද්දී හයත් බෞමෙදීන් ඇයත් සමග සිටි අතර කෞලිබලි ඉතා භයානක එසේම දරුණු අවිවලින් සන්නද්ධව සිටින බවයි පැවසෙන්නේ.

පසුගිය බදාදා ‘චාර්ලි හෙබ්දෝ’(Charlie Hebdo) සඟරා කාර්යාලයට ප්‍රහාර එල්ල කළ තුවක්කු කරුවන් දෙදෙනා පොලීසිය විසින් ඊයේ සිකුරාදා (ජනවාරි 08)මරා දමනු ලැබිණි.

ඝාතකයන් සමග සබඳතා පැවත් වූ පස් දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවේ සිටින බවයි ප්‍රංශ බලධාරීන් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර