එයාර් ඒෂියා යානයේ බඳ කොටස සොයා ගැනේ

Image copyright Getty
Image caption මළසිරුරු විශාල ප්‍රමාණයක් ප්‍රධාන බඳ කොටස තුළ සිර වී ඇති බවටයි විශ්වාස කරන්නේ

සියලු මගීන් හා කාර්යමණ්ඩලය ඇතුළුව පුද්ගලයන් එකසිය හැට දෙදෙනෙකුද සමග පසුගිය මාසයේ ජාවා මුහුදට කඩා වැටුණු එයාර් ඒෂියා යානයේ ප්‍රධාන බඳ කොටස ඇති ස්ථානය හඳුනාගත්බව සෙවීමේ නිරත වූ කණ්ඩායම පවසයි.

සෙවීමේ මෙහෙයුම් වල නිරත සිංගප්පුරු සහ ඉන්දියානු නිලධාරීන් පැවසුවේ එය දර්ශනය වී ඇත්තේ සිංගප්පුරු නාවික හමුදාවට අයත් මුහුද යට සෙවීමේ කටයුතු වල නිරතව තිබු සබ්මැරීනයක කැමරාවට බවයි.

මෙම ප්‍රධාන බඳ කොටස තුළින් මළ සිරුරු විශාල ප්‍රමාණයක් සොයා ගත හැකි වෙනු ඇති බවටයි සෙවීමේ මෙහෙයුම් වල නිරත වී සිටින කණ්ඩායම් බලාපොරොත්තුව පළකරන්නේ.

මේ අතර යානයේ අනතුරට හේතුව සොයා ගැනීම සඳහා කළු පෙට්ටියේ පටිගත වී ඇති සංඥා පරීක්ෂාවට භාජනය කෙරෙමින් පවතී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර