චාර්ලි හෙබ්දෝ සඟරාවට දැවැන්ත ඉල්ලුමක්

Image copyright AP
Image caption මුද්‍රණය කළ පිටපත් සියල්ල විකිණී අවසන් බවයි පැවසෙන්නේ

ප්‍රංශයේ චාර්ලි හෙබ්දෝ සඟරාවේ නවතම කලාපයට අති විශාල ඉල්ලුමක් පවතින බව ප්‍රංශය පුරා සිටින පුවත්පත් නියෝජිත ආයතන වාර්තා කරයි.

සඟරාවේ මෙවර කලාපයේ පළමු මුද්‍රණය නිකුත් වී පැය කිහිපයක් ඇතුළත පිටපත් සියල්ල විකිණී අවසන් වී ඇති බවයි පැවසෙන්නේ.

‘දිවි බේරාගත්තවුන්ගේ කලාපය’ නමින් සඟරාවේ කාර්යමණ්ඩලය විසින් නම් කොට ඇති මෙවර කලාපයේ මිලියන පහක වාර්තාගත පිටපත් ප්‍රමාණයක් යළි මුද්‍රණය කරන බව ප්‍රකාශකයෝ පවසති.

පසුගිය සතියේ සඟරාවේ සංස්කාරක ඇතුළු පුද්ගලයන් දොළොස් දෙනෙකුක් ඝාතනයට ලක් වුයේ පැරීසියේ චාර්ලි හෙබ්දෝ කාර්යාලයට ඉස්ලාම් සටන්කරුවන් ඇතුළු වී කළ වෙඩි තැබීමකින්.

චාර්ලි හෙබ්දෝ සඟරාවේ මෙවර කලාපය භාෂා දහසයකින් ප්‍රකාශනයට පත්කොට ඇති අතර ඒවායින් ඇතැම් ඒවා නිකුත් වී ඇත්තේ අන්තර්ජාලයේ පමණක් බවයි පැවසෙන්නේ.

මේ අතර සඟරාවේ පිටකවරයේ චායාරුපය ලෙස යොදාගෙන ඇති මහම්මත් තුමා ගේ කාටූන් චිත්‍රය ඇතැම් මුස්ලිම් රටවල් වල සහ සංවිධානයන්හි දැඩි විවේචනයට ලක් වී තිබේ.

එසේවුවද, චාර්ලි හෙබ්දෝ සඟරාවේ නව සංස්කාරක පැට්‍රික් පෙලොක්ස් ප්‍රකාශ කළේ මහම්මත් තුමා අවමානයට හෝ අවඥාවට ලක් කෙරෙන කිසිදු වචනයක් භාවිතා කර නැති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර