ඕස්ට්‍රේලියානු සරණාගතයින් මාරාන්තික උපවාසයක

Image copyright AFP
Image caption පැපුවා නිව්ගිනියා සරණාගත කඳවුරු

පැපුවා නිව්ගිනියාවේ පිහිටා ඇති ඕස්ට්‍රේලියානු සරණාගත කඳවුරක සරණාගතයන් පන්සීයක් පමණ මාරාන්තික උපවාසයක නිරතව සිටින බව ඕස්ට්‍රේලියානු මානව හිමිකම් ක්‍රියාකාරීහු පවසති.

සරණාගත කටයුතු භාර කොමිසම පවසන්නේ උපවාසයේ යෙදී සිටින සමහර සරණාගතයන් සිය මුඛය විවෘත කළ නොහැකි වන සේ තොල් පෙති එකට තබා මසා ගෙන ඇති බවයි.

සරණාගතයන් සාමකාමී උපවාසයක යෙදී සිටින බව ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කළද උපවාසයේ යෙදී සිටින සියලුම සරණාගතයන් ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බව පිළි ගැනීමෙන් වැළකී සිටියි.

උපවාසයේ යෙදී සිටින සරණාගතයින් අතර ශ්‍රී ලාංකිකයින්ද සිටින බවයි පැවසෙන්නේ.

2013 වසරේ ඕස්ට්‍රේලියාව සමග එකඟතාවකට අත්සන් තැබූ පැපුවා නිව්ගිනි රජය ඕස්ට්‍රේලියානු නීති විරෝධී සංක්‍රමණිකයන් නැවත පදිංචි වීමේ පහසුකම් ලබා දීම වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක මුදලක් අය කර ගනු ලැබීය.

නමුත් පැපුවා නිව්ගීනියාව මෙතෙක් කිසිදු සරණාගතයෙකු නැවත පදිංචි කිරීමට කටයුතු ගෙන නැති බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර