ශුද්ධෝත්තම පාප් වහන්සේ පිලිපීනයට සැපත් වෙති

Image copyright Reuters

පිලිපීනයට වැඩම කළ ශුද්ධෝත්තම පාප් වහන්සේ මැනිලා ගුවන් තොටුපලේ දී එරට ජනාධිපති බෙනින්ග්නෝ අකිනෝ විසින් ගෞරවයෙන් පිළිගනු ලැබිණි.

මෙම අවස්තාව නැරඹීම සඳහා පිලිපීනයේ පවතින උණුසුම් කාලගුණ තත්වය නොතකමින් දැඩි හිරු රශ්මිය යටතේ සිය දහස් ගණනක් පිලිපීන ජාතිකයෝ මැනිලා නුවරට රැස්ව සිටියෝය.

එහිදී පිළිගැනීමේ ගීත ගායනා කෙරුණු අතර පාප් වහන්සේ වීදි සංචාරයේ යෙදුණු රථය දැක ගැනීමේ අපේක්ෂාවෙන් බොහෝ පිලිපීන ජාතිකයෝ වීදි දෙපස පෙළ ගැසී සිටියහ.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය

තමන් වහන්සේගේ මෙම සංචාරයේ අරමුණ සාමාජික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් පීඩාවට පත් වූ දිළිඳු ජනතාවට පණිවුඩයක් ලබා දීම බවයි උන්වහන්සේ පවසන්නේ.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා විය යුතු නමුත් අන්‍ය ආගම්වලට නිගා කර ජනතාව කුපිත කිරීම වැරදි සහගත බව පාප් වහන්සේ ප්‍රකාශ කර තිබේ.

උන් වහන්සේ මෙම ප්‍රකාශය කළේ පසුගිය දා පැරිසියේ දී පුවත් පත් කාර්යාලයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් දාහත් දෙනෙකු මිය යාමේ සිද්ධිය සිහිපත් කරමින්.

Image copyright L Osservatore Romano

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර