ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ප්‍රංශ සඟරාවට එරෙහිව පකිස්තානුවෝ වීදි බසිති

චාලි හෙබ්දෝ ප්‍රංශ සඟරාවට විරෝධය පා වීදි බට පකිස්තානු උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ගැටුම් හට ගෙන තිබේ.

නබි නායක තුමාට අපහාස වන අයුරින් කාටූන් චිත්‍ර පළ කිරීමට එරෙහිවයි මොවුන් වීදි බැස ඇත්තේ.

සිකුරාදා දේව මෙහෙයෙන් අනතුරුව පකිස්තානු ශිෂ්‍යයන් කරච්චි නුවර ප්‍රංශ තානාපති කාර්යාලය දෙසට ගමන් කල බවයි ඉස්ලාමාබාද් නුවර සිට ශයීමා ඛලීල් වාර්තා කරන්නේ.

පසුගිය දා පැරිසියේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වූයේ ඉහත කී සඟරාව පළ කරන පුවත් පත් කාර්යාලයටයි.

දාහත් දෙනෙකු මරණයට පත් කළ එම ප්‍රහාරයට සම්බන්ධ බව සැක කෙරෙන අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රංශ පොලිසිය නිවේදනය කළේය.