බෙල්ජියමේ පොලිස් නිලධාරීන් මරා දැමීමේ සැලසුමක්

Image caption ඇතැම් තානාපති කාර්යාල අසල හමුදා කණ්ඩායම් යොදවා ඇති බවයි පැවසෙන්නේ

බෙල්ජියමේ බලධාරීන් පවසන ආකාරයට පොලිස් නිලධාරීන් මරා දැමීම සඳහා වූ ඉස්ලාම්වාදීන්ගේ සැලසුමක් හෙළිවීමෙන් පසු රට පුරා නගර වල ආරක්ෂක හමුදාවන් යොදවා තිබේ.

මේ සම්බන්ධව පරීක්ෂණ මෙහෙයවන්නන් විසින් ත්‍රස්තවාදී ක්‍රියා වලට සැකකරුවන් වී සිටින දහතුන් දෙනෙකු ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

බ්‍රහස්පතින්දා නැගෙනහිර බෙල්ජියමේ වර්වියර්ස් නගරයේ දී ආරක්ෂක අංශ සමග සිදුවූ වෙඩි හුවමාරුව ක දී සන්නද්ධ කරුවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් පස් දෙනෙකු ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධව අත් අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ආරක්ෂක ඇමති ස්ටීවන් වැන්ඩර්පුට් ප්‍රකාශ කළේ ඇතැම් තානාපති කාර්යාල අසල හමුදා කණ්ඩායම් යොදවා ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර