චීන ගංගාවක යාත්‍රාවක් පෙරැලී 22 ක් මරුට

Image copyright EPA
Image caption බ්‍රහස්පතින්දා ගිලී ගිය මේ යාත්‍රාව සෙනසුරාදා උදෑසන ගොඩට ගත් බවයි වාර්තා වන්නේ

යැන්ග්ට්සි ගංගාවේ යාත්‍රා කරමින් තිබූ මගී බෝට්ටුවක් පෙරලීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් විසි දෙදෙනෙකු මරණයට පත් වී ඇති බව චීන බලධාරීහු පවසති.

පසුගිය බ්‍රහස්පතින්දා ගිලී ගිය මේ යාත්‍රාව සෙනසුරාදා උදෑසන ගොඩට ගත් බවයි වාර්තා වන්නේ.

තත්පර විස්සකටත් අඩු කාලයක දී යාත්‍රාව තුළට ජලය පිරී ගිය බවයි මෙම අනතුරින් දිවි බේරාගත් තිදෙනා ගෙන් එක අයෙකු පැවසුවේ.

මියගියවුන් අතර යාත්‍රාවේ හිමි කරු, ඉංජිනේරුවන් සහ විදේශිකයන් අට දෙනෙකු ද සිටින බව වාර්තා වෙයි.

යැන්ග්ට්සි ගංගාවේ බලධාරීන් පැවසුවේ අත් හදා බැලීමේ චාරිකාව යාමට පෙර මෙම යාත්‍රාව නියමිත ක්‍රියා පිළිවෙළ අනුගමනය කර නැති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර