ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පාරාවෝ වෙස් මුහුණකට ගොරහැඩි අලුත්වැඩියාවක්

ඊජිප්තුවේ වඩාත්ම වටිනා සංස්කෘතික සංකේතයක් වන පාරාවෝ තුටන්ක්හාම්ම් වෙස් මුහුණක් ඉතා ගොරහැඩි ආකාරයෙන් අලුත්වැඩියා කිරීම පිළිබඳව එරට වෙසෙන ඉපැරණි භාණ්ඩ පිලිබඳ විශේෂඥයෙකු පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වෙස් මුහුණේ නිල් සහ රත්‍රන් පැහැයෙන් යුත් යටි රැවුල කොටස පසුගිය වසරේ ඉන් ගැලවී ගියේ කෙසේදැයි පැහැදිලි නැතත් ඉතා දුර්වල ආකාරයට පලුද්ද පෙනෙන ආකාරයට ක්ෂණිකව වියැලෙන මැලියම් යොදා එය අලුත්වැඩියා කර ඇති බවයි පැවසෙන්නේ.

වසර තුන්දහසක් පැරණි කයිරෝ නුවර කෞතුකාගාරයේ ඇති මෙම අගනා නිර්මාණය සහ රජ කුමරකුගේ සොහොනක් තුළින් සොයා ගත් අනෙකුත් පෞරාණික භාණ්ඩ කයිරෝ නුවරට නරඹන්නන් කැඳවන වටිනාම වස්තූන් ලෙසයි සැලකෙන්නේ.