ලෝක නායකයෝ අබ්දුල්ලා රජුට අවසන් ගෞරව දක්වති

Image copyright EPA
Image caption වයස අවුරුදු අනුවක් ව සිටි අබ්දුල්ලා රජුගේ දේහය භූමදානය කර ඇත්තේ සිකුරාදායි.

සිකුරාදා සිදුවූ සෞදි අරාබියේ අබ්දුල්ලා රජුගේ මරණයත් සමග ලෝක නායකයන් ගණනාවක් තම අවසන් ගෞරවය පුද කිරීම සඳහා සෞදි අරාබිය වෙත යමින් සිටිති.

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඔහුගේ ඉන්දියානු සංචාරයේ කාලසීමාව කෙටි කර අඟහරුවාදා රියාද් නුවර බලා යනු ඇත.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්කොයිස් හොලොන්දේ නව සෞදි රජු වන සල්මාන් රජු මුණගැසීමට නියමිතව තිබේ.

සෞදි රාජ්‍යයේ ප්‍රධාන කලාපීය ප්‍රතිවාදියා වන ඉරානය නියෝජනය කිරීමට ඉරාන විදේශ ඇමති මොහොමඩ් ජාවඩ් සරීෆ් සුදානම්ව සිටින බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු අනුවක් ව සිටි අබ්දුල්ලා රජුගේ දේහය භූමදානය කර ඇත්තේ සිකුරාදායි.

තුර්කි ජනපති රිසේප් තයියිප් එර්දොගන්, සහ පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අවමංගල්‍ය උත්සවයේ දී ශෝක වුවන් අතර සිටි බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර