අතුරුදහන් වූ යානය: 'හදිසි අනතුරක්'

Image copyright epa

අතුරුදහන් වූ MH370 මැලේසියානු ගුවන් යානය හදිසි අනතුරකට භාජනය වී ඇති බව මැලේසියානු රජය නිල වශයෙන් නිවේදනය කරයි.

යානය අනතුරට පත් වන මොහොතේ එහි ගමන් කරමින් සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මිය ගොස් ඇතැයි සලකන බවද එම නිල නිවේදනයේ සඳහන් විය.

මෙම නිල නිවේදනයෙන් පසු මිය ගිය අයගේ ඥාතීන්ට වන්දි ලබා ගැනීමේ අවසරය ලැබේ.

Image copyright Reuters

රූපවාහිනිය ඔස්සේ එම නිවේදනය නිකුත් කළ මැලේසියානු සිවිල් ගුවන් සේවා අධිකාරියේ දටෝ අසරුදීන් අබ්දුල් රහ්මන් කියා සිටියේ ඉතා සංතාපයෙන් සහ ශෝකයෙන් යුතුව එම නිවේදනය නිකුත් කරන බවයි.

දෙසිය තිස්නම දෙනෙකු ගමන් කරමින් සිටි MH370 මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට චීනය බලා පියාසර කරමින් සිටිය දී අතුරුදහන් වූයේ පසුගිය මාර්තු මාසයේ දීයි.

යානයේ මගීන්ගෙන් බහුතරය චීන ජාතිකයන්.

කෙසේ වෙතත් යානයේ සුන් බුන් සොයා කෙරෙන සෝදිසි මෙහෙයුම්වලට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි මැලේසියානු බලධාරීන් පවසන්නේ.

දකුණු ඉන්දීය මුහුදු කලාපයේ දැවැන්ත සෝදිසි මෙහෙයුම් සිදු කළ නමුත් මේ දක්වා අතුරුදහන් වූ යානය පිළිබඳව කිසිදු හෝඩුවාවක් ලැබී නැත.

Image copyright AFP
Image caption වැළපෙන ඥාතීන්