'ලිංගික සාද' ගැන ඩොමිනික් ඛාන් ට නඩු

Image copyright Reuters
Image caption ලිංගික සාදයන්ට එක් වූ කාන්තාවන්ට මුදල් ගෙවූ බවක් නොදැන සිටි බව ඩොමිනික් ඛාන් පවසයි

ලිංගික සුවය ලැබීමේ සාදයන් සඳහා කාන්තාවන් මුදලට ගැනීමට ආධාර කිරීමේ චෝදනා යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධානී ඩොමිනික් ස්ට්‍රාවුස් ඛාන් ට එරෙහිව ප්‍රංශයේදී නඩු පවරනු ලැබිණ.

ඩොමිනික් ස්ට්‍රාවුස් ඛාන් ප්‍රංශයේ අනාගත ජනපති පදවියට පත්වනු ඇතැයි කලක් අනාවැකි පළ වූ නමුත්, හෝටල් කාමරයකදී හෝටල් සේවිකාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඔහුට සිය දේශපාලන ගමන් මග අත්හැර දැමීමට සිදු විය.

පැරිසිය, බ්‍රසල්ස් නුවර සහ වොෂින්ටනයේ ක්‍රියාත්මක වූ ගණිකාවන් ගේ ජාලයක මැදිහත්කරු වූ බවට දැන් ඔහු චෝදනා ලබා සිටියි.

ලිංගික සාදයන්ට එක් වූ කාන්තාවන්ට මුදල් ගෙවූ බවක් නොදැන සිටි බවයි, ඩොමිනික් ඛාන් පවසන්නේ.