අයි.වී.එෆ්. තාක්ෂණයෙන් දරුවන්

Image copyright SPL

පුද්ගලයන් තිදෙනකුගේ ජාන උපයෝගී කර ගනිමින් අයි.වී.එෆ්. තාක්ෂණය මගින් දරුවන් බිහි කිරීමට අද, අඟහරුවාදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණ.

බ්‍රිතාන්‍ය විද්‍යාඥ කණ්ඩායමක් පවසන්නේ අයි.වී.එෆ්. තාක්ෂණය මගින් මවගේත් පියාගේත් ජාන මෙන්ම තවත් කාන්තාවකගේ ජාන යොදා ගැනීමෙන් දරුවන් බිහි කිරීමේ දී මවගෙන් දරුවාට බෝවිය හැකි මාරාන්තික රෝග වළක්වා ගත හැකි බවයි.

නීරෝගී දරුවන්

පාර්ලිමේන්තුවේ අනුමැතිය දීමේ තීරණය සාමි මන්ත්‍රී මණ්ඩලයේ සම්මතවුවහොත් බ්‍රිතාන්‍යය අයි.වී.එෆ්. තාක්ෂණයෙන් නීරෝගී දරුවන් බිහි කිරීමේ ක්‍රමවේදය නීතිගත කරන පළමු රට බවට පත් වෙයි.

එසේම ඒ ආකාරයට පිළිසිඳ ගන්නා පළමු දරුවා ලබන වසරේ ආරම්භයේ දී බිහි විය හැකියි.

ආචාර්ය ධර්ම සහ ආරක්ෂාව යන කරුණු උඩ ආගමික කණ්ඩායම් ද, ජාන තාක්ෂණ වැඩ සටහනට එරෙහි උද්ඝෝෂකයෝද මීට විරෝධය පල කරති.

සැක සංකා

එහෙත් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී මහාචාර්ය සැලී ඩේවිස් (Sally Davies) පවසන්නේ මේ ක්‍රමයේ ප්‍රතිලාභ, පල කෙරෙන සැක සංකා වලට වඩා වැඩි බවයි.

මෙම ක්‍රමවේදය පිළිබඳ විද්‍යාත්මක කරුණු සහ ආරක්ෂාව පිළිබඳව දත්ත ඉදිරිපත් කොට ඇති බවයි ඇය පැවසුවේ.

“අඹු සැමියන්ට මෙය අවශ්‍යව තිබෙනවා. අපිට ඒ පවුල් විඳින පීඩාව වළක්වන්නට හැකියාව තියෙද්දී ඇති තවදුරටත් ඔවුන්ට ඒ දුක දෙන්නේ කියන එකයි ගැටලුව,” මහාචාර්ය සැලී ඩේවිස් පැවසුවාය.