බංග්ලාදේශ් විරුද්ධ පක්ෂ නායිකා කලිදා ෂියාට චෝදනා

Image copyright focus bangla

ඊයේ, අඟහරුවාදා බස් රථයකට පැට්‍රොල් බෝම්බයක් එල්ල කිරීමට පොළඹවා ඇති බව පවසමින් බංග්ලාදේශ් විරුද්ධ පක්ෂ නායිකා කලිදා ෂියාට, (Khaleda Zia)එරෙහිව පොලීසිය විසින් චෝදනා ගොනු කොට තිබේ.

මේ සිද්ධියේ දී මගීන් හත් දෙනෙක් තුවාල ලැබුහ.

විරුද්ධ පක්ෂ නායිකා ව ඇතුළුව පුද්ගලයන් 56 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල කොට ඇත.

විරුද්ධ පක්ෂ නායිකා Khaleda Zia ගේ බංග්ලාදේශ් ජාතික පක්ෂය විසින් කැඳවා ඇති මහා වැඩ වර්ජනයක් සහ රටේ ප්‍රවාහන ජාලය කඩාකප්පල් කරන ලෙසට ඉල්ලා ඇති අවස්ථාවකදීයි බස් රථයට එම ප්‍රහාරය එල්ලවුණේ.

මේ සිද්ධිය හෙළා දකින බංග්ලාදේශ් ජාතික පක්ෂය පැවසුවේ ඊට තම සම්බන්ධයක් නැති බවයි.

ප්‍රධාන වශයෙන් චෝදනා එල්ලවී ඇත්තේ බංග්ලාදේශ් ජාතික පක්ෂය සමඟ කටයුතු කරන ඉස්ලාමීය පක්ෂයේ දේශපාලකයකුටයි.