තායිවාන ගුවන් යානයක් කඩා වැටී 19 ක් මරුට

Image copyright Getty
Image caption මහාමාර්ගයේ ගමන්ගත් මෝටර්රථයක පටිගතවී ඇති වීඩියෝවකින් ලබා ගත් චයාරුපයක්

තායිවාන මගී ගුවන් යානයක් ගංගාවකට කඩා වැටීමෙන් අවම වශයෙන් 19 දෙනෙකුවත් මිය ගොස් තිබේ.

ආපදා සහන සේවකයන් නොගැඹුරු ගංගාව තුළ පැත්තකට ඇලවී රැඳී ඇති ට්‍රාන්ස් ඒෂියා සමාගමට අයත් මෙම යානයේ ගමන් ගත් මගීන් බේරාගනිමින් සිටින බවයි පැවසෙන්නේ.

අවම වශයෙන් තවත් විසි දෙනෙකුවත් මුදා ගතයුතුව ඇති බවයි වාර්තා වන්නේ.

Image copyright Reuters

මහාමාර්ගයේ ගමන්ගත් මෝටර්රථයක පටිගතවී ඇති වීඩියෝවට අනුව පාලනය කරගත නොහැකි වූ ගුවන් යානය තට්ටු නිවාස පේළියකට ඉතා ආසන්නයෙන් ඇදී යාමෙන් පසු එක් තටුවක් මහා මාර්ගයේ වැදී ගඟට වැටී තිබේ.

තායිපෙයි ගුවන් තොටුපළෙන් ගුවන් ගතවී සුළු මොහොතකට පසු මෙසේ කඩා වැටුණු ට්‍රාන්ස් එෂියා යානය තුළ සිටි මගීන් ගෙන් තිහක් පමණ දෙනා චීනයෙන් පැමිණි සංචාරකයන් බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර