දිල්ලියේ පාලනය දූෂණ විරෝධීන් අතට

Image copyright AP

ඉන්දීය දිල්ලි ප්‍රාන්ත මැතිවරණයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් ලබා සිටින දූෂණ විරෝධී පාක්ෂිකයෝ සිය ප්‍රීතිය සමරමින් සිටිති.

දූෂණ විරෝධී පක්ෂයක් වන ආම් ආද්මි හෙවත් පොදු මිනිසාගේ පක්ෂය සියයට අනූවකට වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගෙන තිබේ.

පසුගිය මැයි මාසයේ පැවති ඉන්දීය මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ අගමැති නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය දිනා ගෙන ඇති ආසන සංඛ්‍යාව තුනක්.

Image copyright Getty
Image copyright AFP

දූෂණ විරෝධී පක්ෂයේ නායක අර්වින්ද් කේජ්රිවාල්ගේ ජයග්‍රහණයට අගමැතිවරයා සුබ පතා ඇති අතර පුරා වසර පහළොවක් දිල්ලි ප්‍රාන්තයේ ජය තහවුරු කර ගෙන සිටි කොංග්‍රස් පක්ෂයට එකඳු ආසනයක්වත් දිනා ගත නොහැකි වී තිබේ.

පසුගිය දිල්ලි මැතිවරණයෙන්ද අරවින්ද් කේජ්රිවාල් ජය ගත් නමුත් බලයට පත් වී දින හතළිස් නවයකට පසු ඔහු ඉල්ලා අස් විය.

ඔහු ඉදිරිපත් කළ දූෂණ මැඬලීමේ පණතක් සම්මත කිරීම, විරුද්ධ පක්ෂය විසින් අවහිර කරනු ලැබීමත් සමග මහඇමති පදවියෙන් ඉල්ලා අස් වන බව නිවේදනය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර