කාටූන් ශිල්පියා දුටු දිල්ලි මැතිවරණය

ඉන්දියාවේ දූෂණ විරෝධී ක්‍රියාධර අර්වින්ද් කෙජ්රිවාල් දිල්ලි මැතිවරණයෙන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණය කාටූන් චිත්‍ර ශිල්පී රවි චුන්චුලා දුටු ආකාරය බීබීසී හින්දි සේවයේ පළ විය.

අර්වින්ද් කෙජ්රිවාල් ගේ ආම් ආද්මි පක්ෂය (පොදු මිනිසාගේ පක්‍ෂය) දිල්ලි ප්‍රාන්ත සභාවේ ආසන හැත්තෑවෙන් 67ක්ම දිනා ගත්තේය.

දෙවැනි තැනට තේරී පත් වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ භාරතීය ජනතා පක්ෂයට හිමි වූයේ ආසන තුනක් පමණි.

සෝනියා ගාන්ධි සහ ඇයගේ පුත් රාහුල් ගාන්ධි මෙහෙය වූ කොන්ග්‍රස් පක්‍ෂයට එකම ආසනයක් වත් හිමි කර ගැනීමට නොහැකි විය.

පොදු මිනිසාගේ පක්‍ෂය විජයග්‍රාහී ලෙස ඉදිරියට යද්දී අගමැති මෝඩි ගේ පක්‍ෂයෙන් තේරී පත්වුණු තිදෙනා කොන් වී සිටිති. සෝනියා සහ රාහුල් කල්පනා කරන්නේ තමන්ට වැරදුණු තැන් ගැන.

කෙජ්රිවාල් ගේ පක්‍ෂයේ ලකුණ වුණේ ඉලපත. දිල්ලියේ දුෂණ වංචා අතු ගා දමන බවට ඔහු පොරොන්දු වුනා. කෙජ්රිවාල් ට එරෙහි විසකුරු බලවේග වලින් ඔහු ආරක්‍ෂා කිරීමට ඉලපතෙන් බැඳි ඉනිමඟ මහ ඇමති පුටුව ඉහලට ඔසවා ගෙන සිටින ආකාරය.

Image copyright BBC Hindi

පසුගිය මැයි මාසයේ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ අගමැති මෝඩි ගේ පළමු පසුබෑම මෙයයි. දිල්ලියේ අන්ත පරාජය ඔහුට හිතන්නට බොහෝ දේ ඉතිරි කළා.

Image copyright BBC Hindi

කෙජ්රිවාල්ට අභියෝග කරන්නට අගමැති මෝඩි තෝරා ගත්තේ අපරාධ මැඩලීමට පුරෝගාමී වූ ඉන්දියාවේ ප්‍රථම පොලිස් නිලධාරිනිය - කිරන් බේඩි. නමුත් ඇගේම ආසනයෙන් පවා ඇය පරාජයට පත් වුනා.

පොදු මිනිසාගේ පක්ෂය ජය ගන්නා බව කාගේත් මතය වී තිබූ නමුත් මේ තරම් ඉහල ජයක් ලබා ගනු ඇති බවට කිසිවෙකු අපේක්ෂා කළේ නැහැ. ඉලපත පසෙක තබා යන්ත්‍රයක් (vacuum cleaner) භාවිතා කර ඇති බවට කෙජ්රිවාල් ගේ විරුද්ධවාදිනිය මැසිවිලි නගන ආකාරය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර