‘කොරියන් එයාර්’ අධිපතිගේ දියණියට සිර දඬුවම්

Image copyright AP
Image caption දකුණු කොරියානු ගුවන්සේවයේ ප්‍රධානියා ගේ දියණිය වන චෝ හියුන්

ගුවන් සේවකයා විසින් තමාට රට කජු ලබා දුන් ආකාරය පිලිබඳ නො සතුටට පත් වී ගුවන් යානය ප්‍රමාද කිරීමට කටයුතු කළ ‘කොරියන් එයාර්’ ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරිනියකට දකුණු කොරියානු අධිකරණය විසින් වසරක සිර දඬුවමක් නියම කර තිබේ.

දකුණු කොරියානු ගුවන්සේවයේ ප්‍රධානියා ගේ දියණිය වන චෝ හියුන්ට මෙම දඬුවම නියම කරනු ලැබුවේ ගුවන් සේවා ආරක්ෂාව පිලිබඳ නීති කඩ කිරීම, සේවකයෙකුට පහර දීම, ගුවන් සේවාව සිය පෞද්ගලික දේපළක් වශයෙන් සැළකීම සහ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ වැඩකටයුතු වලට බාධා කිරීම යන චෝදනා සැලකීමට ගැනීමෙන් පසුවයි.

චෝ මෙනෙවිය රටකජු පිළිගැන්වූ විට එය කුඩා පිඟානකට නො බෙදා බහාලුම් කවරයක ලබා දීම පිළිබඳව උරණ වී ගුවන් යානය නිව් යෝර්ක් JFK ගුවන් පථයේ ආපසු රැගෙන යන ලෙස පවසා ඇති අතර ඒ මොහොතේම ගුවන් සේවකයා සේවයෙන් පහ කර දමා ගුවන් තොටුපලේ අත්හැර දමා ගොස් තිබේ.

විශාල වෙනසක්

පසුගිය දෙසැම්බර් පස් වෙනිදා සිදුවූ එම සිදුවීමෙන් පසු හෙදර් චෝ නමින් ද හැඳින්වෙන චෝ මෙනෙවිය කාර්යය මණ්ඩලයෙන් සහ මාධ්‍ය ඔස්සේ ජනතාවගෙන්ද ලිපියක් මගින් අධිකරණයෙන් සමාව ඉල්ලා ප්‍රකාශ නිකුත් කල අතර ඇය දරමින් සිටි ගුවන් සේවා විධායක තනතුරින් ද ඉල්ලා අස් විය.

කොරියන් එයාර් සභාපතිගේ චෝ පවුලට අයත් හන්ජින් ගෘප් සහ කොරියන් එයාර් සමාගම් දකුණු කොරියාවේ ව්‍යාපාරික ලෝකයේ ආධිපත්‍ය පවත්වා ගෙන යන පවුලක් වන අතර මෙම නඩු තීන්දුව පැවති ආධිපත්‍යට අභියෝගයක් මෙන්ම විශාල වෙනසක් ඇති කිරීමට සමත් තීරණයක් බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර