ඩෙන්මාර්ක් පොලිසිය තුවක්කුකරුවෙකු මරා දමයි

Image copyright AFP

ඩෙන්මාර්කයේ පොලිසිය විසින් තුවක්කුකරුවකු වෙඩි තබා මරා දමනු ලබයි.

දෙදෙනෙකුට මරු කැඳවමින් ඊයේ සහ අද සිදු වූ වෙඩි ප්‍රහාර දෙකට මෙම පුද්ගලයා වගකිය යුතු බව පොලිසිය ප්‍රකාශ කළේය.

කෝපන්හේගන් අගනුවර පොලිස් ප්‍රධානී ටෝබන් මොල්ගාඩ් කියා සිටියේ අගනුවර පුරා ආරක්ෂාව සඳහා පොලිස් භටයන් විශාල ප්‍රමාණයක් යොදවා ඇති බවයි.

Image copyright AFP
Image caption මරා දැමුණු තුවක්කුකරු

ඊයේ (සෙනසුරාදා) සවස නාඳුනන තුවක්කුකරුවෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගිය අතර එය සිදු වූයේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳව සංවාදයක් පැවති අවන්හලක් ඉදිරිපිටදී.

අද (ඉරිදා) උදෑසන යුදෙව් සිද්ධස්ථානයක් අසල දී ද වෙඩි තැබීමක් වූ අතර එහිදී යුදෙව් ජාතිකයෙකු මරා දමා තිබේ.

පොලිස් භටයන් දෙදෙනෙකුට ද මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

Image copyright AP
Image caption කෝපන්හේගන් අගනුවර පුරා ආරක්ෂාව