යුක්‍රේන සටන් විරාමය ආරම්භ වෙයි

Image copyright AFP

රුසියානු හිතවාදී කැරලිකරුවන් සහ යුක්‍රේන හමුදා අතර ඇති කර ගත් සටන් විරාමය අද (ඉරිදා) පටන් ආරම්භ වෙයි.

සටන් බිම ඉදිරි කලාපය සන්සුන් වී ඇති නමුත් ප්‍රාදේශීය වශයෙන් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති අතර ඒ පිළිබඳව දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා එල්ල කර ගනිති.

රුසියානු හිතවාදී කැරලිකරුවන් එල්ල කළ ශෙල් වෙඩි ප්‍රහාරයකට ගොදුරු වී ලුහාන්ස්ක් නගරයට නුදුරින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

මේ අතරතුර තවත් ප්‍රදේශයකදී යුක්රේන හමුදාව තමන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවට කැරලිකරුවෝ චෝදනා කරති.

Image caption මීට පෙර ඇති කර ගත් සටන් විරාමය ඉතා ඉක්මනින් බිඳ වැටුණි

සටන් විරාමය බිඳලමින් කටයුතු කළ හොත් තම හමුදාව ද ප්‍රතිචාර දක්වනු ඇති බවට යුක්‍රේන ජනාධිපතිවරයා කැරලිකරුවන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ.

මීට පෙර ඇති කර ගත් සටන් විරාමය ඉතා ඉක්මනින් බිඳ වැටුණි.