අයි එස් කැරලිකරුවන්ට එරෙහිව ඊජිප්තු ප්‍රහාර

Image copyright AFP

ලිබියානු ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් ඉලක්ක කොට බෝම්බ ප්‍රහාර එල්ල කළ බව ඊජිප්තුව පවසයි.

ඊජිප්තු ජාතික කොප්ටික් කිතුනු භක්තිකයන් පිරිසකගේ හිස ගසා දමන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය හා සම්බන්ධ ලිබියානු ජිහාඩ්වාදීන් විසින් නිකුත් කරනු ලැබීමෙන් පසුවයි ඉහත කී ප්‍රහාර එල්ල කෙරුණේ.

ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්ට අයත් හමුදා කඳවුරු, පුහුණු මධ්‍යස්ථාන සහ අවි ගබඩා ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊජිප්තු රජයේ මාධ්‍ය නිවේදනය කළේය.

මීට සති කිහිපයකට පෙර ඊජිප්තු ජාතික කොප්ටික් කිතුනු භක්තිකයන් විසි එක් දෙනකු පැහැර ගැනුනේ ලිබියාවේදීයි.

පැහැර ගැනීමට ලක් වූ දස දෙනෙකුගේ පමණ හිස ගසා දමන ආකාරය වීඩියෝවේ දැක්වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර