'ආගමික අයිතීන් රකිනවා' - මෝඩි

Image copyright PIB

අගමැති නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ දිල්ලි අගනුවරදී කතෝලික ජනතාව අමතමින් ආගමික අයිතීන් සුරැකීමට සිය රජය කටයුතු කරන බවට ප්‍රතිඥා දෙයි.

ආගමික කණ්ඩායම් වලට සාමකාමීව හැසිරෙන ලෙසත් සියලු ආගම් වලට ගරු කරන ලෙසත් ඉල්ලා සිටි අගමැතිවරයා තවදුරටත් කියා සිටියේ ආගමික කණ්ඩායම් අතර ගැටුම් ඇතිවීමට සිය රජය ඉඩ නොදෙන බවයි.

අගමැතිවරයාගේ එම ප්‍රකාශ වලට හේතුව වී තිබෙන්නේ පසුගිය සති කිහිපය තුළ කතෝලික පල්ලි වලට එල්ල කෙරුණ ප්‍රහාර හමුවේ කතෝලික ජනතාව දැක්වූ දැඩි විරෝධය සහ ඇතිව තිබූ කලබලකාරී තත්වයයි.

මාධ්‍ය වාර්තා පවසන්නේ ඉන්දියාවේ ක්‍රිස්තියානි සුළු ආගමික කණ්ඩායම් වල අයිතීන් සුරැකීමට අගමැති නරේන්ද්‍ර මෝඩි අපොහොසත් ව ඇති බවට නැගුණු අදහස් වලට පිළිතුරු දීමක් වශයෙන් මෙම ප්‍රකාශ නිකුත් කර ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර