ඉන්දියාවට ස්වයින් ෆ්ලූ තර්ජනයක්

Image copyright AP

2015 වසරේ මේ දක්වා ඉන්දියාවේ පුද්ගලයන් හය සියයකට වැඩි පිරිසක් ස්වයින් ෆ්ලූ (swine flu) නමින් හඳුන්වන වෛරසයෙන් මිය ගොස් ඇති බව වාර්තා වේ.

ප්‍රාන්ත බලධාරීන් විසින් අදාළ පිරිස් වෙත පරීක්ෂණ උපකරණ සහ මුහුණු ආවරණ ලබා දීමට උපදෙස් දී ඇති අතර වෛද්‍යවරු සහ හෙදියන් විසින් එන්නත් කිරීම සහ ප්‍රතිකාර ලබා දීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

බලධාරීන් පවසන්නේ මීට පෙර දෙදහස් නමය වසරේ ඇති වූ ස්වයින් ෆ්ලු වසංගතය හේතුවෙන් දහසක් පමණ පිරිසක් මියගිය බවයි.

වඩාත්ම දරුණු ලෙස දැනට මෙම වසංගතය පැතිරී ඇත්තේ බටහිර ඉන්දියාවේ රාජස්තාන් සහ ගුජරාටි යන ප්‍රාන්ත වලත් මධ්‍යම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් යන පළාත්වලයි.