මෝදි ඇඳුමට කෝටි හතරක්

Image copyright Reuters
Image caption ඉන්දීය අගමැති වරයා විශේෂ ඇඳුමින් සැරසී ජනාධිපති ඔබාමා සමඟ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ වෙන්දේසියට තැබුණ ඇඳුම ඩොලර් හත්ලක්ෂයක ලන්සුවකට අලෙවි විය.

වෙන්දේසිය පැවැත්වුනේ බටහිර ඉන්දියාවේ ‘ගුජරාත්’ ප්‍රාන්තයේ.

මෙය ඉන්දීය මුදලින් රුපියල් හාරකෝටි තිස් ලක්ෂයක් පමණ මුදලකි.

අගමැති නරේන්ද්‍ර මෝදි ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ පසුගිය ඉන්දීය සංචාරයේ දී ඔහු හමු වුනේ මෙම විශේෂ ඇඳුම් කට්ටලයෙන් සැරසෙමිනි.

Image copyright BBC World Service
Image caption අගමැති මෝදි ගේ නම රන් පැහැයෙන් එක පෙළට වියා ඇති අන්දම

නිල් පැහැති එම ඇඳුම් කට්ටලයේ විශේෂත්වය වන්නේ අගමැති මෝදි ගේ නම රන් පැහැයෙන් එහි සිත්තම් කර තිබීමයි.

අගමැතිවරයා එවැනි ඇඳුමකින් සැරසීම එම දිනවල ඉන්දියාව තුළ සාකච්ඡාවට ලක් වූ මාතෘකාවක් විය.

එය ඉන්දීය දේශපාලන ඉතිහාසයේ වඩාත් මතභේදයට සහ සංවාදයට ලක් වූ ඇඳුම් කට්ටලය වන බවයි බීබීසී වාර්තාකරු ෂාලු යාදව් පවසන්නේ.

Image copyright AFP
Image caption ඇඳුම් කට්ටලයේ සැබෑ වටිනාකම ඩොලර් 16,000 ක්

සිය නම ඇතුළත් එවැනි විශේෂ ඇඳුමකින් සැරසීම අගමැතිවරයා සිය මාන්නය සඳහා සිදු කළ ක්‍රියාවක් ලෙසයි ඉන්දීය විපක්ෂය විසින් විග්‍රහ කරන ලද්දේ.

එම ඇඳුම වෙන්දේසියේ විකිණීම මගින් උපයා ගත් මුදල යොදවනු ලබන්නේ බරපතල මට්ටමින් අපවිත්‍ර වී අති ගංගා නම් ගංගාව පවිත්‍ර කිරීමටයි.

ව්‍යාපාරික මිතුරකු විසින් අගමැති මෝඩි වෙත තෑගි කරනු ලැබුණ ඇඳුම් කට්ටලයේ සැබෑ වටිනාකම ඩොලර් 16,000 ක් පමණ වෙන බවත් පැවසෙයි.

Image copyright Manjul
Image caption මේ පුවත කාටූන් චිත්‍ර ශිල්පියකු දුටු අයුරු