අයිඑස් කැරලිකරුවෝ 'කිතුනුවන් පැහැර ගනිති'

ඉස්ලාමීය රාජ්‍ය හෙවත් අයිඑස් සටන්කරුවන් විසින් සිරියානු කිතුනුවන් පිරිසක් පැහැර ගනු ලැබ ඇති බව ක්‍රියාධරයෝ පවසති.

කිතුනු ගම වැටලූ සටන්කරුවෝ පසුව ගම්වැසියන් සිය භාරයට ගෙන තිබේ.

ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්ට එරෙහිව සටන් වදින කුර්දි හමුදාවලට ඉහත කී කිතුනු ගම්වැසියන් කලක පටන් සහාය දක්වති.

තුර්කි දේශ සීමාවට ආසන්න අසල්වැසි කලාපයේ සටන් වදින ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහිව කුර්දි හමුදා වෙතින් දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින අවස්ථාවේදීයි මෙම පැහැර ගැනීම සිදුව ඇත්තේ.