ඛලිදා ෂියා අත් අඩංගුවට ගැනීමට නියෝග

Image copyright Getty

බංග්ලාදේශ් අධිකරණයක් එරට ප්‍රධාන විපක්ෂයේ, නායිකා ඛලිදා ෂියා අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කරයි.

අධිකරණ නියෝගය නිකුත් කරන ලද්දේ, කලක සිට එල්ලවී ඇති දූෂණ චෝදනා වලට මුහුණ දීම සඳහා ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

විපක්ෂ නායිකා ඛලිදා ෂියා චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ ඒවා දේශපාලන අරමුණු මගින් මෙහෙයවන ලද ඒවා බවයි.

ඇය, අගමැතිනි ෂේක් හෂීනා සමඟ දේශපාලන ආරවුලක පැටලී සිටින්නීය.

විපක්ෂ නායිකා ඛලිදා ෂියා, මීට මාස දෙකකට පෙරදී මහා මාර්ග, දුම්රිය සහ ජල සැපයුම් මාර්ග අවහිර කරන ලෙස සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටීම හේතුවෙන් රටේ ව්‍යාපාරික කටයුතු අඩාලවී ඇති අතර වරින් වර හට ගත් ප්‍රචණ්ඩ ක්‍රියා වලින් සිය ගණනක් මිය ගියහ.

පසුගිය මහා මැතිවරණය දූෂිත එකක් බව පවසන විපක්ෂය අලුතින් මැතිවරණයක් පවත්වන ලෙසට ඉල්ලා සිටී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර