ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

IS කැරලිකරුවන් පෞරාණික කලා කෘතී සංහාරයක

උතුරු ඉරාකයේ මොසුල් නගරයේ කෞතුකාගාරයක පෞරාණික කලා කෘතීන් සිය ප්‍රහාරකයන් විසින් විනාශ කර දමනු ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

විශාල ප්‍රතිමා බිම හෙලන ඉස්ලාමීය රාජ්‍ය ප්‍රහාරකයන් ඒවා විශාල කුළු ගෙඩි වලින් ගසා විනාශ කරනු ලබන ආකාරය එමගින් දැක්වේ.

Image copyright AP

ක්‍රිස්තු පූර්ව නව වැනි සියවසේ 'ඇසිරියානු' යුගයට අයත් පියාඹන ගව රුවක් ද විනාශ කෙරුණ කෞතුක වස්තූන්ට ඇතුළත්.

ඉස්ලාමීය ප්‍රහාරකයන්ගේ වීඩියෝ පටයේ විස්තර විචාරය මගින් පවසන්නේ එම නිර්මාණ ව්‍යාජ ඒවා වන අතර එවැනි දේ විනාශ කර දමන මෙන් මොහොමඩ් නබිනායක තුමා උගන්වා අති බවයි.