‘ස්ටාර් ට්‍රැක්’ මිස්ටර් ස්පොක් මිය යයි

ප්‍රසිද්ධ ‘ස්ටාර් ට්‍රැක්’ ප්‍රබන්ධ අභ්‍යවකාශ කතා පෙළේ මිස්ටර් ස්පොක් ගේ චරිතයට පණ පෙවූ ඇමරිකානු නළු ලෙනාර්ඩ් නිමෝයි මිය ගොස් තිබේ.

මිය යන විට අසූ තුන් වන වියේ පසුවූ ලෙනාර්ඩ් ‘ස්ටාර් ට්‍රැක්’ හි ප්‍රසිද්ධියට පත් වූයේ පිටසක්වළ ජීවියෙකුගෙන් පැවත එන අර්ධ මනුෂ්‍ය චරිතයක් වන මිස්ටර් ස්පොක් නමිනි.

රංගන ශිල්පියෙකු වශයෙන් මෙන්ම සිනමා අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් ද සිය වෘත්තීය දිවිය ගෙන ගිය ලෙනාර්ඩ් නිමෝයි මිය ගොස් ඇත්තේ පෙනහළු ආබාධයක් හේතුවෙනි.

සිය රෝගී තත්වය මාධ්‍යට හෙළි කරමින් පසුගිය වසරේ ප්‍රකාශයක් කළ ලෙනාර්ඩ් නිමෝයි කියා සිටියේ දුම් පානය නවතා වසර විස්සක් ගත වීමෙන් පසු තමන් මෙයට ගොදුරු වූ බවයි.