මොසුල් කටුගේ වනසද්දී බැග්ඩෑඩ් කටුගේ ඇරෙයි

Image copyright b
Image caption ඉරාක ජාතික කෞතුකාගාරය විවෘත වුයේ වසර 12 කට පසුවයි

ඇමරිකානු හමුදා විසින් ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසු වසා දමනු ලැබූ එරට ජාතික කෞතුකාගාරය වසර 12 කට පසු නැවත විවෘත කොට තිබේ.

මෙම කෞතුකාගාරය මහා පරිමාණයේ ප්‍රතිසංස්කරණයකට භාජනය වී ඇති අතර යුද්ධය පැවති සමයේ කොල්ල කන ලද බොහෝ පෞරාණික භාණ්ඩ නැවත එහි ප්‍රතිෂ්ඨාපනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සතිය මුල දී IS කැරලි කරුවන් විසින් මොසුල් කෞතුකාගාරයේ පෞරාණික පිළිම ආදිය විනාශ කිරීමට පිළිතුරක් ලෙසයි මෙම නිළ විවෘත කිරීම ප්‍රකාශයට පත් කර ඇත්තේ.

Image copyright AP
Image caption IS සන්නද්ධ කරුවන් විසින් මොසුල් කෞතුකාගාරයේ පිළිම විනාශ කරන අයුරු

බැග්ඩෑඩ් කෞතුකාගාරයේ විවෘත කිරීමේ උත්සවය අමතමින් ඉරාක අගමැති හයිඩර් අල් අබාදී මොසුල් කෞතුකාගාරයට කල විනාශය පිලිබඳ අප්‍රසාදය පල කළේය.

“ඒ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් උත්සහ කරන්නෙ ඉරාක ශිෂ්ඨාචාරය පිලිබඳ මනුෂ්‍ය සංහතියේ උරුමය විනාශ කරන්න. ඔවුන්ගේ ක්‍රියාවන් පිලිබඳ ඔවුන් ලැජ්ජාවට පත්විය යුතුයි. ඉරාකය තුළ වැගිරවූ සෑම ලේ බින්දුවකටම සහ විනාශ කළ ඉරාක සංස්කෘතික උරුමය වෙනුවෙන් වන්දි ගෙවීමට සැලැස්වීම සඳහා අපි ඔවුන් ලුහු බඳිනවා” යනුවෙන් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර