වීදියේ නිදන කළු ජාතිකයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

Image copyright Facebook Anthony Blackburn

පොලිස් නිලධාරීන් පිරිසක් විසින් වීදියේ නිදන කළු ජාතිකයකුට කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් පොලිසිය වෙන වෙනම පරීක්ෂණ දෙකක් ආරම්භ කොට තිබේ.

පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඉහත කී කළු ජාතිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර වෙඩි තැබීමට පෙර කළු ජාතිකයා සහ පොලිස් නිලධාරීන් පොර බදන අයුරු සහ ‘අවිය බිම දමනු’ ලෙස කෑ ගසන හඬ ආරක්‍ෂිත කැමරාවක සටහන් වී තිබේ.

ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ හදිසි තීන්දුවක් ලබා දීම හරහා ඝාතනය වූ තැනැත්තාට හෝ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන්ට සාධාරණයක් ඉටු නොවනු ඇති බවයි.

පසුගිය වසරේදී සිදු වූ කළු ජාතිකයන්ගේ ඝාතනවලට එරෙහිව එක්සත් ජනපදය තුළ උද්ඝෝෂණ පැවති අතර එම විරෝධතා සති ගණනක් පුරා පැවැත්විණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර