ප්‍රංශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු එකවර මරුට

Image copyright AP

ආජෙන්ටිනාවේ දී හෙලිකොප්ටර් යානා දෙකක් ගැටීම නිසා ප්‍රංශයේ ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහ ක්‍රීඩකයෙකු ඇතුළු ප්‍රංශ ජාතිකයන් අට දෙනෙකු මරණයට පත් විය.

මෙම අනතුර සිදු වී ඇත්තේ ‘රියැලිටි’ පන්නයේ රූපවාහිනි වැඩසටහනක් රූ ගත කරමින් සිටියදී යි.

තම රටේ ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු එකවර මිය යාම ගැන ප්‍රංශය තැති ගෙන සිටින අතර ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් කියා සිටියේ මෙය රටට සිදු වූ විශාල පාඩුවක් බවයි.

Image copyright AFP

මිය ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා අතරින් දෙදෙනෙකුම ඔලිම්පික් පදක්කම් ලාභීන්.

හෙලිකොප්ටර් යානා දෙකෙහි නියමුවන් ද මෙම අනතුරින් මිය ගොස් තිබේ.

Image copyright AFP