රුසියානු යුද හමුදා මැදිහත්වීම පිළිබඳ ලියවිල්ලක්

Image copyright Reuters
Image caption ඝාතනයට ලක්වූ රුසියානු විරුද්ධ පක්ෂ නායක බොරිස් නෙම්සොෆ්

ඝාතනයට ලක්වූ රුසියානු විරුද්ධ පක්ෂ නායක බොරිස් නෙම්සොෆ් (Boris Nemtsov) විසින් සම්පාදනය කරමින් සිටි, යුක්රේනයේ රුසියානු යුද හමුදා මැදිහත්වීම පිලිබඳ ඉතාමත්ම සංවේදී ලියවිල්ලක් තමන් විසින් සම්පූර්ණ කරන බව ඔහුගේ හිතවාදියෙකු වන ඉල්යා යෂින් (Ilya Yashin) පවසයි.

එය අප්‍රේල් මාසයෙදී ප්‍රකාශයට පත් කරන බවයි ඔහු කියා සිටියේ.

නෙම්සොෆ් (Nemtsov) විසින් එකතු කරගන්නා ලද ලිපි ගොනු බොහොමයක් සොයා ගැනීමට තමන්ට හකිවූ බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව කෙරෙන තොරතුරු ගවේෂනය සඳහා විශේසඥ කණ්ඩායමක් පත් කොට ඇති බවතයි ඔහු ප්‍රකාශ කළේ.

යුක්රේනයේ රුසියානු මැදිහත්වීම පිලිබඳව ප්‍රශ්න කිරීම රුසියානු රජයට හිතකර නොවන්නක්.

මේ ගැන සොයා බැලීමට උත්සාහ කළ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම ප්‍රහාර වලට ලක් විය.