පාකිස්තානු කිතුනුවෝ වීදි බසිති

Image copyright AFP

ඉරිදා දේව මෙහෙය අතරතුර ලාහෝරයේ දේවස්ථාන දෙකකට එල්ල වූ බෝම්බ ප්‍රහාර හෙළා දැක පාකිස්තානු කිතුනු ප්‍රජාව වීදි බැස උද්ඝෝෂණ පවත්වමින් කෝපය පල කළහ.

බෝම්බ ප්‍රහාරවලට හසු වී පහළොස් දෙනක් මරුමුවට පත් වූ අතර අසූ දෙනෙක් පමණ තුවාල ලැබූහ.

ප්‍රහාරයෙන් පසු වීදි බට කෝපයට පත් විරෝධතාකරුවෝ ටයර් පුළුස්සා මාර්ග අවහිර කළහ.

පාකිස්තානය පුරා පිහිටි කිතුනු දහම් පාසල් මේ වන විට තාවකාලිකව වසා තිබේ.

ලාහෝර් නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගී වී සිටින කිතුනු දරුවෝ සහ වැඩිහිටියෝ, ‘කිතුනුවන් මරා දැමීම නවතා දමනු’ යනුවෙන් සඳහන් පුවරු සහ කුරුස රැගෙන සිය විරෝධය පල කළහ.

තාලිබාන් සංවිධානයට සම්බන්ධ සටන් කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර