කිතුනුවන්ට එරෙහි ප්‍රහාර පිළිබඳ මෝදිගේ දැඩි සංවේගය

Image copyright AFP
Image caption කන්‍යා සොහොයුරිය දූෂනයට ලක් කිරීමට විරෝධය පා කල්කටාවේ පැවති නිහඬ උද්ඝෝෂණයක්

කිතුනුවන් ඉලක්ක කොට මෑතකදී එල්ල කරන ලද ප්‍රහාරයන් දෙකක් සම්බන්ධයෙන් තමා “දැඩි සංවේගයට” පත් වී සිටින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

අගමැතිවරයා ඒ බව කියා සිටියේ කල්කටාවේ කන්‍යාරාමයක් තුළදී වැඩිහිටි කන්‍යා සොහොයුරියක් සමූහ දූෂණයට ලක් කිරීම සහ දිල්ලි අගනුවරට නුදුරින් පිහිටි හර්යානා ප්‍රාන්තයේ දේවස්ථානයකට අලාභහානි සිදු කිරීම පිළිබඳ අදහස් දක්වමින්.

ඉහත කී සිදුවීම් දෙක සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන මෙන් අගමැතිවරයා නියෝග කර ඇති බව ඉන්දීය අගමැති කාර්යාලය නිකුත් කළ ‘ට්වීටර්’ පණිවිඩයක සඳහන් වේ.

වැඩිහිටි කන්‍යා සොහොයුරියට සිදු කරන ලද අපරාධය සම්බන්ධයෙන් පොලිසිය කඩිනම් පියවර නොගත් බවට චෝදනා කරමින් කන්‍යාරාමය පිහිටි ප්‍රදේශයේ කඩසාප්පු වසා දමා විරෝධය පළ කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර