ඊශ්‍රායල් මැතිවරණයෙන් නෙතනියාහුට ජය

Image copyright Reuters
Image caption මෙවර මැතිවරණය පිලිබඳ පළ වූ අනාවැකි මගින් ඔහු පරාද වන බවයි ප්‍රකාශ වී තිබුණේ

ඊශ්‍රායලයේ පැවති මහා මැතිවරණයෙන් බෙන්ජමින් නෙතනියාහු පැහැදිලි ජයග්‍රහණයක් අත් කර ගෙන තිබේ.

ගණන් කරන ලද සියළුම ඡන්ද ප්‍රමාණයට අනුව නෙතනියාහු ගේ ලිකුඩ් පක්ෂය ආසන තිහක් දිනාගෙන සිටින අතර සමීපතම ප්‍රතිවාදී පක්ෂය වන මධ්‍යස්ථ වාමාංශික සියෝනිස්ට් එකමුතුව ට දිනා ගත හැකිව ඇත්තේ ආසන විසි හතරක් පමණි.

ඒ අනුව වැඩි අපහසුවකින් තොර ව බෙන්ජමින් නෙතනියාහු ට හවුල් ආණ්ඩුවක් ගොඩ නගා ගැනීමේ හැකියාව ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර ඔහුගේ සිව්වැනි ධුර කාලය වන අතර මැතිවරණය පිලිබඳ පළ වූ අනාවැකි මගින් ඔහු පරාද වන බවට ප්‍රකාශ තිබිය දීත් ජයග්‍රහණය ලැබීමට තරම් ඔහු වාසනාවන්ත වී ඇති බවයි පැවසෙන්නේ.

නෙතනියාහු ගේ මැතිවරණ ව්‍යාපාරයේ අවසන් අදියරේ දී ඔහු විශාල ඡන්ද ප්‍රමාණයක් දිනා ගත්තේ නිදහස් පලස්තීන රාජ්‍යයක් බිහි වීමට ඉඩ නො දෙන බවට පොරොන්දු වෙමින්.

මේ අතර ඉහළ පෙළේ පලස්තීන නිලධාරියකු විසින් ඊශ්‍රායල ජාතිකයන් විවේචනයට ලක් කරනු ලැබුවේ සාම සාකච්ඡා වෙනුවට අත් පත් කර ගැනීම තෝරා ගත් බවට චෝදනා කරමින්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර